Wednesday, October 5, 2011

නිකමාගේ විත්ති


හා හා පුරා කියලා මාත් ඉතින් බ්ලොග් අඩවියක් පටන් ගන්නයි මේ සූදානම. මේ බ්ලොග් කෙරුවාව ගැන හාංකවිසියක්වත් මං නං දන්නෙ නෑ ඕං. විභාගෙත් අහවරයි කරන්න දෙයක් තිබ්බෙත් නැත් නිසා මාත් හිතුවා මේ බ්ලොග් කෙරුවාවට අත පොවන්න ඕන කියල. අපේ ඉස්කෝලෙ හිටපු දීප්තිමත් සිසුවෙක් වගේම බාලදක්ෂ නායකයෙක් වෙලා හිටිය හසිත චාමිකර ගුණසිංහ කියන අයියා බ්ලොග් එකක් ලියනව. මටත් පුලුපුලුවන් වෙලාවට ගිහින් ඔය බ්ලොග් සටහන් කියවනවා.ඔන්න ඔහොම වෙලාවක තමයි මටත් මගේම කියල බ්ලොග් එකක් තිබ්බනම් මොකද කියල හිතුනෙ. (හසිත අයියට මේක කියවලා බ්ලොග් එක හදපු මෝඩකං කියල හිතෙයිද දන්නෑ)

හිතුවට මොකද ඉතිං මේ රාජකාරි දන්න කියන එකක් ඈ. ඒත් හිත ඇත්තං පත කුඩාද කියනවා වගේ මගේ පිහිටට මේ වෙලාවෙ ආවෙ මගේ පාසැල් මිත්‍රයෙක් වෙන වරුණ ඉද්දමල්ගොඩ (ඉද්දා) සහෝදරයා. මිනිහට ඔය ඕන කම්පියුටර් වැඩක්. කියන පරක්කුව විතරයි. Skype එකට පිං සිද්ද වෙන්න පැය 1.30 ක විතර නොමිලයේම කරපු දේශනාවකට පස්සෙ මේං දැන් මටම කියල බ්ලොග් එකක් තියෙනවා. ඒ විතරක් නෙවි බ්ලොග් එකක් කරගෙන යන හැටි පවා මට කියලා දුන්නෙ ඉද්දා තමයි. හසිත අයියටත් ඉද්දා ටත් ගොඩාක් පිං.

හැදුවත් මොකද බ්ලොග් එකක් වුනාම නමක් තියෙන්න එපෑ. දාන්න නමක් නෑ. කල්පනා කලා, කල්පනා කලා නමක් එන්නෙ නෑ. ඉස්සෙල්ලා කිව්වත් වගේ මම නිතර බ්ලොග් කියවන්නෙත් නෑ නෙව. ඉරිදා ලක්බිමේ ‘මානිගේ තීරුව’ නං කියවනවා. ඉතිං ප්‍රමිත් ගේ තීරුව කියල දාන්න ඈ? ලැජ්ජයි නෙ. කොහොම හරි මම තීරණය කලා මේ බ්ලොග් එකට 'නිකමා ගේ අහස' කියලා නම දාන්න. 


අපි මහන්සියට, හිතේ දුකට, විනෝදයට අහස දිහා බලාගෙන ඉන්නවා. වෙලාවකට අහසට හොඳටම බනිනවා. අහසත් එහෙම්මම තමයි. වෙලාවකට ළා නිල් පාටයි. වෙලාවකට තද නිල් පාටයි.රෑට අඳුරුයි.සමහර වෙලාවට වලාකුළු වලින් වැහිලා.වලිකුළුත් විවිධයි. වැස්සත් එහෙමයි.අහස හරිම සජීවී දෙයක්. කාටත් එකවගේ සළකන්නෙ. වැදගත්ම දේ තමයි අහසේ තියෙන්නෙ ඉර, හඳ, තරු, වලාකුළු වගේ දේවල්. ඒ වුනාට ඒවට පුළුවන් අපේ හිත් වල ලස්සන චිත්‍ර අඳින්න. ඒ විත්‍රත් කෙතාගෙන කෙනාට වෙනස් වෙනවා. අහස අපට විශ්වය ගැන කිල දෙනවා. හිතන්න දේවල් දෙනවා. විදර්ශණා භාවනාවේ එක් ධ්‍යානයක් අරමුණු කරලා තියෙන්නෙ අසස. අහස හරිම පූජනීයයි. මටත් ඕන මේ බ්ලොග් එක අහසක් කරන්න.


අද අරමුණු පස්සෙ නොනවත්වා දුවන අපි හැමෝම, පොඩ්ඩකට නැවතිලා වටපිට බලලා මොකක්ද මේ වෙන්නෙ කියලා බලන අය දිහා බලන්නේ ටිකක් පහත් විදිහටනෙ. ඒ වගේ අය මුකුත් බැරි ‘නිකමුන්’ නෙ. ඉතිං මේ බ්ලොග් අඩවිය වෙන් වෙන්නෙ අන්න ඒ වගේ නිකමුන්ට.


ඉදිං අද ඉඳලා පුලුවන් විදිහට මගේ මේ හිතට එන අදහස් වචන වලට‍ පෙරලලා පල කරනවා. (සිංහලෙන් ටයිප් කරන එක තරං අමාරු කාරියක් මේ මුලු තුන් ලොකෙම නැතිව ඇති.) එහෙනම් ඕං ආයුබෝවන්.
මීට නිකමා 

7 comments:

  1. නියමයි ලොක්කා පෝස්ට් එක. ආයෙ ඉතිං තමුන්නාන්සෙගෙ බාසාව ගැන කියන්න දැයක් නෑනෙව. ලියමු ලියමු දිගටම. සුබ පැතුම් මගෙන්

    ReplyDelete
  2. @ ඉද්දා - බොහොම ස්තූතියි කරපු උදවි වලටයි, දීපු උපදෙස් වලටයි, දිරි ගැන්වීමටයි.
    කල්‍යාන මිත්‍රයෙක් සිටීම පිළිබඳ සතුටු වෙනවා.
    ප.ලි - තව අහගන්න ගොඩක් දේවල් තියෙනවා.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි මල්ලී මං ගැනත් මතක් කරපු එක ගැන.... :))

    ඒ වගේම තව තවත් අය සිංහල බ්ලොග්කරණයට එන එක ගැන සතුටුයි. ඒකට මොකක් හරි දායකත්වයක් දෙන්න පුලුවන් වුණු එක හුඟාක් සතුටුයි :)

    එහෙමනම් ඔයාට සිංහල බ්ලොග්කරණයේ දිග ගමනක් යන්න සුබ පතනවා.

    බ්ලොග් එක සිංඩියකට දාන්න මල්ලී. එතකොට හුඟාක් අයට ඔයාගේ බ්ලොග් එක කියවන්න ලැබේවි.

    මෙන්න යන්න පාරවල් ටික

    http://www.sinhalabloggers.com/
    http://syndi.lankeeya.lk/

    ReplyDelete
  4. මම ආගිය කතා බ්ලොග් එකේ ලින්ක් එක දැකලයි මේ පැත්තේ ගොඩ වැදුනේ. සාදරයෙන් පිළිගන්නවා හෙළ වියුණු සටහන් ලොවට. ජය වේවා!

    ReplyDelete
  5. @ හසිත අයියා - දීපු සහයෝගයව ගොඩක් ස්තූතියි. මේ දවස් වල RSS ගැන හදාරනවා. ලඟදීම බ්ලෙග් එක සිංඩියකට වැටේවි.

    ReplyDelete
  6. @ විසිතුරු - සිංහල බ්ලොග්කරණයට ජයවේවා. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  7. පු0චි දොස්තර මහත්තයෝ .මම අද ම තමා මෙ බ්ලොග් එක බලුවෙ,දොස්තර පැටියෙක් උනාටකමක් නෑ දිගටම බ්ලොග් එක කරන්න,අපිටත් ඕන ඔයාල වගේ අයගෙ අදහස් තමා.
    මගේ සුභ පතුම්.

    ReplyDelete